English1st Spoken English Course – Level 01

මෙම පාඨමාලාව ඉංග්‍රීසි භාෂා කථන හැකියාව විද්‍යානුකූලව මාස කිහිපයක් ඇතුළත වැඩිදියුණු වන ආකාරයට  අන්තර්ජාතිකව පිළිගත් Spaced Repetition System  ක්‍රමවේදය යටතේ සකසා ඇත. එයට පහත සඳහන් අනු කොටස් ඇතුළත් වේ.

  1. Sentence mining
  2. Substitution drills
  3. Transformation drills
  4. Memory

ජාත්‍යන්තරව පිළිගත් මෙම ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව නිසි පරිදි හැදෑරීමෙන් පසු ඔබට ඉංග්‍රීසි කතා කිරීමේ මූලික ආරම්භක හැකියාව ලබාගත හැක.

පාඨමාලාවේ කාලය කොපමණද ?

පාඨමාලාවේ කාලය තීරණය  වන්නේ දෛනිකව ඔබ විසින්  මෙම පාඨමාලාව සඳහා වෙන් කිරීමට බලාපොරොත්තු වන  පැය ගණන මතයි.  ඉතාම සාර්ථක  ප්‍රතිඵල ලැබීමට නම්  දිනකට පැය දෙකක්වත් අවම වශයෙන් පූර්ණව මේ සඳහා වෙන් කළ යුතු අතර දිනකට පැය දෙක බැගින් පාඨමාලාවේ කටයුතු හදාරන්නේ නම් දළ වශයෙන් පාඨමාලාවේ ප්‍රගතියක් පෙන්වීමට නම් මාස හයක් පමණ ගත වේ.  මෙය දළ වශයෙන් සිදුකරන ඇස්තමේන්තුවක් පමණක් වන අතර  ඔබ රැකියා කරන අතර මෙම පාඨමාලාවට සම්බන්ධ වෙන නිසාම වසරක පමණ කාලයක් මේ සඳහා දෛනිකව අනිවාර්යෙන් වෙන්කිරීමට ඔබ විසින් අධිෂ්ඨාන කර ගත යුතුය.  එවිට මාස 6 ක කාලයකින් පසුව අනිවාර්යෙන්ම ඔබට ප්‍රගතියක් පෙන්විය හැක.

පාඨමාලාව සිදුකරන ආකාරය කෙසේද?

දිනපතා  පැය දෙක බැගින් සතියකට  දින 02ක්  පහත කාලසටහන අනුව ඔබට මෙම පාඨමාලාව සමග සම්බන්ධ විය හැකි අතර පහත කාලයන් අතරෙන් එක් කාලසීමාවක් මුලින්ම ඔබ තෝරාගත යුතුයි

Time Slot 01  –  සඳුදා සහ සිකුරාදා සවස 6 සිට රාත්‍රී 8 දක්වා  

Time Slot 02  –  සඳුදා සහ සිකුරාදා රාත්‍රී 8.30  සිට 10.30 දක්වා

Time Slot 03  –  අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සවස 6 සිට රාත්‍රී 8 දක්වා  

Time Slot 04  – අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30  සිට 10.30 දක්වා

එමෙන්ම Online Zoom Lessons වලට අමතරව english1st.lk වෙබ් අඩවිය හරහා මෙම පාඨමාලාවේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරනු ලැබේ. ඒ පිළිබද සියලු විස්තර Zoom Lessons අතරතුර ඔබට දැනුම් දෙනු ලැබේ.

මෙහිදී ඔබට සෑම දිනකදීම homework ලෙසට audio lessons ලැබෙන අතර එම audio lessons වලට ඔබ දිනකට අවම පැය 02ක් සවන් දී ඒවා මතක තබා ගත යුතුයි. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ ඔබේ smart ජංගම දුරකතනය සහ earphones පමණි. කාර්යාලයේ එදිනෙදා කටයුතු කරන අතරතුර හෝ වාහනයේ හෝ බස් රථයේ ගමන් කරන අතරතුර සෑම දිනකදීම නොවරදවාම මෙම පාඩම් මාලාවේ පාඩම් වලට සවන් දීම පුරුද්දක් කරගන්න. ඒ සඳහා දිනකට පැය 02ක් අනිවාර්යෙන්ම වෙන් කරන්න. එවිට ඔබට ඔබේ ඉලක්කයට සාර්ථකව ළඟා විය හැක. 

දිනෙන් දින ඔබට ලැබෙන වාක්‍ය සංකීර්ණ වන අතර මාස 06 සම්පූර්ණ වන විට පළමු කඩයිම් පරීක්ෂණය අප විසින් පවත්වනු ඇත. එම පරීක්ෂණය සාර්ථකව නිම කරන ඔබට Level 02 සඳහා ඇතුලත් විය හැකිය.

මෙම පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍ය මූලික සුදුසුකම් මොනවාද ?

මූලික ඉංග්‍රීසි කියවීමේ හා ලිවීමේ හැකියාව ප්‍රමාණවත් වේ.  නමුත් ඔබට මේ වනවිටත් ඉහළ ඉංග්‍රීසි හැකියාවක් පවතින්නේ නම් ඒ බව අප විසින් මූලික පරීක්ෂණයක් මගින් තහවුරු කර ගන්නා අතර එම මූලික පරීක්ෂණය සමත් වුවහොත් මෙම පාඨමාලාවේ දෙවෙනි අදියර සඳහා ඔබව යොමු කරනු ලැබේ.  දෙවන අදියරේ දී පළමු අදියරට වඩා සංකීර්ණ වාක්‍ය සාකච්ඡා කෙරෙන බැවින් ඔබ සතු ඉහල ඉංග්‍රීසි හැකියාවක් තිබේ නම් අප විසින් පවත්වන මූලික පරීක්ෂණයකින් පසු දෙවැනි අදියරේ පාඨමාලාවට සම්බන්ධ විය හැක.

පාඨමාලා ගාස්තුව කොපමණ ද ?

පාඨමාලා  ගාස්තුව  දැනට මාසිකව රු. 2000 ක් වන අතර එය මෙම පාඨමාලාව හඳුන්වාදීමේ මිලක් පමණි. පසුව  සම්බන්ධ වන සිසුන් සඳහා ගාස්තු ඉහළ නැංවෙනු ඇත. 

මෙම පාඨමාලාවට සම්බන්ධ වන්නේ කෙසේද ?

අප වෙත දුරකතන ඇමතුමක් ලබා දී පාඨමාලාව පිලිබද විස්තර ලබා ගත හැක. පාඨමාලාව හා සම්බන්ධ වන සියළුම සිසුන්ට WhatsApp මාර්ගයෙන් ඉදිරි දැනුවත් කිරීම් සිදු කරනු ලැබේ. පාඨමාලාවේ පළමු දින  නොමිලයේ පැවැත්වෙන අතර  ඉන්පසුව මෙම පාඨමාලාව සමග සම්බන්ධ වන්නේද නැද්ද යන්න ඔබට තීරණය කළ හැක. වසරකින් ඉංග්‍රීසි භාෂා හැකියාව වෙනස් කිරීමේ පියවර  ඇත්තේ ඔබ සතුවයි.

මෙම උපදෙස් පරිදි ඔබ කටයුතු කරන්නේ නම් අන්තර්ජාතිකව පිලිගත් Spaced Repetition ක්‍රමවේදය යටතේ Spoken English ඉගෙනගන්නා‍ සාර්ථක  කණ්ඩායමේ සාමාජිකයකු වීමට ඔබට නිසැකවම හැකියාව ලැබෙනු ඇත. 

දැන්ම  ඔබේ අසුන වෙන් කරවා ගන්න. WhatsApp | SMS | CALL  0710837024